Friday, 14 October 2022

තිරසාර සංවර්ධනය

තිරසාර සංවර්ධනය පිළිබඳව කරුණු කිහිපයක් මුල්කොට ගෙන අධ්‍යනය කිරීමට හැකිය. සංවර්ධන කතිකාවතේ අපට හම්බෙන ප්‍රධාන දෙයක් තමයි මේ තිරසාර සංවර්ධනය. එතනදී මූලික කාරණා තුනක් පිළිබඳව සාකච්ඡා කරයි. නූතන සංවර්ධන කතිකාවතේ තිරසර සංවර්ධනය, ගෝලීයකරණය, සංවර්ධනය පිළිබඳ නූතන කතිකාවත කියන එක, සංවර්ධනය නැවතෙන්නේ මෙන්න මෙතනින්. ගෝලීයකරණය සමඟ මෙම තිරසාර සන්නිවේදනය ඇතිවේ. තිරසර සංවර්ධනයට කියන නමක් තමයි sustainable development. තිරසර සංවර්ධනය පිළිබඳ කතා කරන විට නවසිය පනහ දශකයේ සිට බටහිර රටවල් වල ක්‍රියාත්මක කාර්මික සංවර්ධනය ක්‍රමයෙන් විවිධ රටවල් වලට ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස සීඝ්‍රයෙන් ස්වාභාවික සම්පත් විනාශයට පත් වෙනවා. කාර්මීකරණය වූ රටවල් වල යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය වැඩි වූ විට නිෂ්පාදනය කියන එක ඉතාමත් ඉක්මනින් වැඩි වෙන්න ගත්තා. යන්ත්‍රයක් බිහිකර ගත්තායින් පසුව අතින් කරනවා වගේ නෙවේ සිය දහස් ගුණයක් වේගයෙන් එය කළ හැකිය .බටහිර මූලික කරගෙන මෙලෙස තාක්ෂණික දියුණුව ඇති විය. යන්ත්‍ර සූත්‍ර සොයා ගැනීමෙන් පසුව නිෂ්පාදනය වේගවත් වීමට පටන් ගත්තේය. වේගයෙන් නිෂ්පාදනය සිදු වන විට නිෂ්පාදන අමුද්‍රව්‍ය කියන එක අවශ්‍යතාවයක් විය. වේගයෙන් නිෂ්පාදනය කළාට තාක්ෂණික මෙවලම් ඔස්සේ තාක්ෂණික නැඹුරුව තිබුණාට අපිට ඒ සදහා ස්වාභාවික සම්පත් ඒ ඒ හා වේගයෙන් ඇති වෙන්නේ නෑ. එහි ප්‍රතිඵලයක් ලෙස යන්ත්‍ර සූත්‍ර වලින් කරන නිෂ්පාදනය ඉතා ඉතාමත් වේගවත් වෙන්න වේගවත් වෙන්න ස්වභාවික සම්පත් කියන එක විනාශ වීමට පටන් ගත්තේය. උදාහරණයක් ලෙස කඩදාසි මුද්‍රණය ආවායින් පසුව කඩදාසි නිෂ්පාදනය කරන්නේ ගස් වල කොළ වලිනි. එම නිසා ඉතා වේගයෙන් වන විනාශය වීමට පටන් ගත්තේය. මන්ද පත්තර ගැසීමට කඩදාසි අවශ්‍ය විය. කඩදාසි නිෂ්පාදනය කිරීමට ගහකොළ අවශ්‍ය විය, එම නිසා ගහ කොළ වේගයෙන් විනාශයට පත් කිරීමට පටන් ගත්තේ කඩදාසි නිෂ්පාදනය සදහාය. මෙලෙස නොයෙකුත් අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරපු දේවල් ඇත. ගස්වල කොළ පොතු මුල් කදන් ඒවා අරගෙන අපට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය ඇති කළේය. ඛනිජ නිධි භාවිත කර නොයෙක් නොයෙක් ආකාරයේ අවශ්‍යතා වලට සරිලන නොයෙකුත් කෘතිම ද්‍රව්‍ය නිර්මාණය කිරීමට පටන් ගත්තේය. වේගයෙන් නිෂ්පාදනය වැඩි වන විට ඒ හා සමානව ස්වාභාවික සම්පත් අවශ්‍ය විය. ස්වාභාවික සම්පත් කියන ඒවා අප පරිභෝජනය කිරීමට පටන් ගත්තට පසුව අපට අවශ්‍ය ප්‍රමාණයට අනුව වේගයෙන් ස්වාභාවික සම්පත් නොවැඩේ. පරිභෝජනයට නිෂ්පාදනයට අවශ්‍ය ලෙස ඒවා භාවිතා කලාට ඒවා නැවත නැවත නොවැඩේ. මෙයින් සිදුවුනු පරිසර විනාශය මේ දේවල් නිසා ස්වාභාවික සම්පත් විනාශයට පත්වීමට නිසා ජනතාවගේ සෞඛ්‍යයට සංස්කෘතික අනන්‍යතා පිළිබඳව ගැටලු මතු වීමට පටන් ගත්තේය. උදා රතු ඉන්දියානුවාගේ කතන්දරය එහි ගහකොළ සතා සිවුපාවා ගැන කියන්නේ තමන්ගේ සහෝදරයෝ ගෙන තමන්ගේ මුතුන් මිත්තන් ඒවා ගොල්ලොන්ගේ රුධිරය මේවා දිහා ඉතාමත් ගෞරවාන්විතව තමයි ගහ කොළ දෙස බැලුවේ අපද අහසට ඉරට හදට ඒවා ස්වාභාවික වස්තූන්. ඒවාට අප රෙස්පෙක්ට් කළේය. හිරු දෙවියෝ සද දෙවියෝ මිහිකත් දෙවියෝ වැස්ස වලාහක දෙවියෝ අප එලෙස ස්වභාවික සම්පත් වලට ආමන්ත්‍රණය කළේය. ගස් වුව ද වැඳුම් පිදුම් කරන මට්ටමට පත් කළේය. අපට අපගේ සංස්කෘතික අනන්‍යතාවය මත තමයි එම ස්වාභාවික සම්පත් දේවල් දේවත්වයෙහිලා සලකන එක බොහොම පූජනීය වන්දනීය ලෙස එම ස්වාභාවික සම්පත් දිහා බැලීම කළේය. එලෙස බලන විට අප ඒවා කවදාවත් විනාශ නොකරයි. අප ගෞරවයෙන් බලන දෙයක් විනාශ නොකරයි. පොතක් වුව ද අප පාඩම් කිරීමට ගැනීමට පෙර වැද පාඩම් කිරීමට ගනියි. එලෙස අපට මේ සම්බන්ධව ගෞරවයක් ඇත. පොතට නොවැන්දාට ද ප්‍රශ්නයක් නොමැත. එනමුත් අප පොතට වගේ ගසට වදියි. පොළොවට වගේ අහසට වදියි. ඒ අප ඒවාට recspect කිරීමයි. එම වැදීම මගින් අපගේ තිබෙන ගෞරවය ප්‍රකට කළේය. අපේ ලෙස ගෞරව කරන දෙයක් කඩා බිඳ දමා විනාශ නොකරයි. මෙහිදීද සිදුවන්නේ යන්ත්‍රසූත්‍ර තිබුණද ඒවා නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය නොමැති වීමයි. එවිට ඔවුන් බොහෝ විට මෙම ආසියානු රටවලට පැමිණියේය. ආසියානු රටවල් සමකය ආසන්නව පිහිටා තිබීම නිසා ඔවුන් මෙවැනි බිමට පැමිණ ඔවුන්ට අවශ්‍ය දෑ රැගෙන ගියේය. මෙහි පවතින ගහකොළ ඉතාමත් සශ්‍රීකව පවතී. අප යමක් කර එහි බීජය විසි කර දැමුවද එයද පැළ වේ. ඒ තරමටම අපගේ පොළොව සශ්‍රීක ය. නමුත් යන්ත්‍රසූත්‍ර සොයාගත් රටවල් වල එලෙස නොමැත. ඔවුන්ට බොහෝ විට දේශගුණය බලපානු ලබයි. කාළගුණේ බලපානු ලබයි. ඔවුන්ගේ එවැනි කාල වලදී ඔවුන්ට තිබෙන්නා වූ වැඩ නතර කර ද සිටී. ඔවුන්ගේ සෙමෙස්ටර් සිස්ටම් පවා සෑදී ඇත්තේ රිතු විපර්යාසය අනුවය. සීත සෘතුවට පාසල් වසයි. විශ්ව විද්‍යාල වසයි. වසන්ත රිතුව ගිම්හාන රිතුව සරත් රිතුව මේ කාලයේදී ඔවුන්ගේ වැඩ පටන් ගනී. ඔවුන් මෙම කාලයේදී පවසන්නේ sun barthin හිරු එළිය නානවා යනුවෙනි. එම කාලවලට පිටරටින් සුද්දන් පැමිණ අපගේ රටෙහි ඇදුම් අඩුවෙන් ඇදගෙන සිටී. වෙරළට වී සිටී. ඔවුන් ස්වාභාවික සම්පත් වලට ඉතාමත් දැඩි ලෙස ආශා කරයි. සීත ඍර්තුව පටන් ගැනීමත් සමගම ඔවුන් අපගේ රටවල් වලට පැමිණේ. මන්ද අපගේ රටවල් වල තිබෙන දේශගුණයට ඔවුන් කැමති නිසාවෙනි. මෙම හේතු නිසා ආසියාතික රටවල් වලින් සම්පත් අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඒවා මදි වන විට එම රටවල් අල්ලා ගැනීමට සම්පත් සූරා ගැනීමට පටන් ගනියි. කාර්මීකරණය දියුණුවේදී නිෂ්පාදන අමුද්‍රව්‍ය මදි විය. ආසියාතික රටවල් සොයාගෙන පැමිණියේය. සොබාවික සම්පත් වැඩියෙන් තිබෙන බව දැන ගත්තේය. ඉන්පසු එම රටවල් අත්පත් කරගෙන අවශ්‍ය ඔවුන්ට අවශ්‍ය පාලනය ගෙනියමින් ප්‍රධාන අමුද්‍රව්‍ය ඔවුන්ගේ රටවල් වලට රැගෙන යමින් ඔවුන්ගේ නිෂ්පාදන කාර්යය සිදු කර ගත්තේය. සංවර්ධන කතිකාවතේ තිබෙන එකක් වන්නේ ද එලෙස නිෂ්පාදනය කරන ඒවා නැවත තුන්වැනි ලෝකයේ රටවල් වලට විකුණයි. ඔවුන් අපගේ දේවල් රැගෙන ගොස් ඔවුන්ගේ නිෂ්පාදන සාදා අපගේ රටවල් වලටම විකුණයි. නැවත අප අර දුප්පත්කමේ නැති බැරිකම ගිල්වයි. එතන සංවර්ධන කතිකාවතේ තිබෙන එකක් වන්නේ නැවත අපව දුප්පත්කමේ දිළිඳු භාවයේ ගිල්වන්න සංස්කෘතික අධිරාජ්‍යවාදය පතුරවන්න හදපු කන්සෙප්ට් එකක් තමයි මේ සංවර්ධනය කියලා කියන්නේ. තිරසර සංවර්ධනයට එන විට එම සීඝ්‍රයෙන් ස්වාභාවික සම්පත් ක්ෂය වීම නිසා මෙම රටවල් වල සුද්දෝ ඇවිල්ලා සංස්කෘතික අනන්‍යතාව වෙනස් කළේය. විවාහය සම්බන්ධව පෙන්වා දිය හැක. අපේ රටේ වැසියන් යටත් කරගෙන සියලු දේවල් කර ගත්තේය. ලංකාවේ කොළඹ වරායට සියලු පාරවල් සෑදුවේය. අපේ රටේ තිබෙන සියලුම සම්පත් ගැනිය හැකි ලෙසට ඔවුන්ගේ සියලුම සිස්ටම් සාදා ගෙන තිබුණි. එවිට අපගේ සංස්කෘතික අනන්‍යතාවන් නැති වීමට පටන් ගත්තේය. උදාහරණයක් ලෙස සුද්දාගේ පාලනය තන්ත්‍ර යටතේ වැඩ කිරීමට නම් ඉංග්‍රීසි පුළුවන් වීම අවශ්‍ය විය. ඉංග්‍රීසි පුළුවන් වීමට නම් ඉංග්‍රීසි පාසලකට යෑම අවශ්‍ය විය. ඉංග්‍රීසි පාසලකට යෑමට ඉංග්‍රීසි නමක් තිබීම අවශ්‍ය විය. ඉංග්‍රීසි නමක් තිබීමට නම් ක්‍රිස්තියානි ආගමට යෑම අවශ්‍ය විය. මෙලෙස සංස්කෘතික අනන්‍යතාවන් වෙනස් කිරීමට පටන් ගත්තේය. ඊට අමතරව සෞඛ්‍ය ගැටලු ද අපට ඉතිරිකර ගියේ ය. සංවර්ධනයේ නාමයෙන් අපි ගහ කොළ සතා සිවුපා විනාශ කරගෙන ගොස් අපට වත්මන විශාල සෞඛ්‍ය තර්ජනයක් ඇත. ඔක්සිජන් සම්බන්ධව විශාල අර්බුදයක් ඇත. අප රටේ ආසන්නම රට වැනි ඉන්දියාවටද ඔක්ෂිජන් ටැංකි අරගෙන තියා ගැනීමටද අවශ්‍ය වී ඇත. එක් මනුෂ්‍යයකුට හුස්ම ගැනීමට ගස් අටක් අවශ්‍ය වේ. මනුෂ්‍යයා තරම් මෙම ගසට වැලට හානිකරන සත්ත්වයෙක් නැති තරම්. මන්ද සත්වයින්ගේ හානියක් ඇති නොවේ. (මලපහ කරත්) මිනිසුන් කන බොන පරිහරණය කරන දේවල් ඇතුලේ මිනිසුන්ට මොකද වෙන්නේ කියන එක මිනිස්සුවත් නොදනී. ස්වාභාවික ඔක්ෂිජන් ස්වභාවික ජලය අපට දැන් ප්‍රශ්නයක්. දැනටත් අප රටේද බීමට වතුර නොමැතිව කිලෝමීටර් ගණන් ඇවිදින මිනිසුන් ඇත. කන කෑම නිසා පිළිකා සෑදෙන්න මිනිස්සු ද ඇත. එනම් අප මෙම තිරසාර සංවර්ධනය කියා කාර්මීකරණය කියා ඉදිරිපත් කර ගෙන ඇත්තේ සැබැවින්ම සංවර්ධනයක් ද? ඉදිරි දශකයේ ලෝකයේ ප්‍රධාන රෝග අතර මානසික රෝග සමාජ රෝග බෝ නොවන රෝග එනම් පිළිකා දියවැඩියාව වැඩි වැඩි රෝග වැඩි වේ. ජලය වාතය ආහාර මිනිසුන්ගේ මානසික නිදහස පරිසරය හා බැඳී තිබෙන දේවල් නැති වීම නිසා මිනිසුන්ට මෙම ප්‍රශ්නය ඇති වේ. සෞඛ්‍ය සම්බන්ධ ගැටළු සෞඛ්‍ය අනන්‍යතා පිළිබඳ ගැටලු එක්ක සමාජ ආර්ථික දේශපාලන ගැටලු රාශියක් ඇතිවේ. මිනිසුන්ගේ සෞඛ්‍ය පිරිහීම දේශපාලනයට බලපායි. මෙම වසංගත තත්ත්වය යටතේ ද ක්‍රියාත්මක වීමේ දේශපාලන ගැටලු තිබුණි. සමාජ ගැටලු තිබුණි. ආර්ථික ගැටලු පැන නැගුනි. සංස්කෘතික ගැටලු පැන නැගුණි .කොවිඩ් වසංගතයේ නිසා ආදාහනය සම්බන්ධව සංස්කෘතික ගැටලු ද ඇති විය. රට නිතර නිතර lockdown කිරීම නිසා මිනිසුන්ගේ එදිනෙදා ජීවන උපායන් අහිමි විය. සල්ලි තිබුණ ද අවශ්‍ය බඩු භාණ්ඩ ගැනීමට කඩවල් වල භාණ්ඩ සුලභ නොවීම සිදුවිය. ඒම නිසා ප්‍රශ්නයක් ඇතිවිය. එකවර විශාල ලෙස බඩු ගැනීම නිසා ප්‍රශ්න ඇතිවිය. ඒවැනි සෞඛ්‍ය ගැටලුවක් සමස්ත පද්ධතියටම බලපාන තත්ත්වයට පැමිණ ඇත.එම නිසා එක්සත් ජාතීන්ගේ බ්‍රැන්ඩ්ලන්ඩ් කොමිසම 1972 දී සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධව ස්වාභාවික සම්පත් පරිහරණය කිරීම පිලිබද අදහස් ඉදිරිපත් කළේය. එක්සත් ජාතීන්ගේ brandland කොමිසම තිරසාර සංවර්ධනය පිළිබඳව ස්වාභාවික සම්පත් භාවිතා කිරීම පිළිබඳව අදහස ඉදිරිපත් කළේය. එහිදී ඔවුන් පැවසූයේ වර්තමාන අවශ්‍යතා ඉටුකර ගත යුත්තේ අනාගත පරිභෝජනය ගත හැකි පරිදිය. • අනාගත ප්‍රයෝජනයට ගත හැකි පරිදි ස්වාභාවික පරිසරයට හානි නොවන ආකාරයෙන් වර්තමාන මානව අවශ්‍යතා ඉටුකර ගැනීම බ්‍රන්ඩ්ලන්ඩ් වාර්තාව( පරිසරය සහ සංවර්ධනය පිළිබඳ ලෝක කොමිසම) 1987 ලෙස ඔවුන් තිරසාර සංවර්ධනය අර්ථකථනය කළේ ය. තිරසාර සංවර්ධනයට කියන තවත් නමක් වන්නේ ධරණීය සංවර්ධනය යි. ධරණීය සංවර්ධනය යනු දරාගත හැකි සංවර්ධනය යි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහ පරිසර පිළිබඳ සංවිධානය තිරසාර සංවර්ධනය පිළිබඳ අර්ථකථන ඉදිරිපත් කර ඇත. • මානවයා ගේ ජීවන තත්ත්වය වර්ධනය කර ගනිමින් පවතින පාරිසරික රටාව දරාගත හැකි සංවර්ධනය තිරසාර සංවර්ධනය යි.( එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහ පරිසරය පිළිබඳ සංවිධානය) තිරසාරත්වය පැවතිය යුත්තේ කුමන කොටස් වලද? ඇත්තෙන්ම කාරණා තුනක තිරසාරත්වය පැවතිය යුතුය. 1. පාරිසරික තිරසාරත්වය තිබිය යුතුය. = ස්වාභාවික පරිසරයේ තිරසාරත්වය ආරක්ෂා වන පරිදි වර්තමාන මානව අවශ්‍යතා ඉෂ්ට කර ගත යුතුය. 2. ආර්ථික තිරසාරත්වය = අනාගත පරිභෝජනයට අවශ්‍ය තමන්ගේ අවශ්‍ය අවශ්‍යතා ඉටු කරගත යුතුය. 3. සමාජ තිරසාරත්වය = අපගේ මානව අවශ්‍යතා වර්තමාන අවශ්‍යතා ඉෂ්ට කරගත යුත්තේ සමාජයේ තිබෙන පාරිසරික සමාජ සහ ආර්ථිකමය තිරසාරත්වය කියන එක මත යන්න තිරසාර සංවර්ධනයේදී අවධානය යොමු කරන ප්‍රධාන කාරණා තුන වේ. තවදුරටත් තිරසාර සංවර්ධනය පිළිබඳව රොබට් ඔ්ල්ටස් අදහස් දක්වයි” අවශ්‍යතා දිගුකාලීන වශයෙන් තෘප්තිමත් කරවීමත් සාක්ෂාත් කරගත හැකියි. මිනිස් ජීව ගුණය වැඩි දියුණු කළ හැකි සංවර්ධනය තිරසර සංවර්ධනයයි.” මිනිසුන්ට දිගුකාලීන වශයෙන් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන්. මාර්ගයක් සංවර්ධනයේ දී සිදුවනවා නම් එය තිරසාරත්වය ලෙස හදුන්වයි. ඒ වගේම තවදුරටත් මිනිසුන්ගේ ජීව ගුණය කොයිතරම් සතුටින් සිටින්නේ ද? ජීවත් වෙන්න කැමැත්තෙන් ඉන්නවාද? මොනවගේ අපේක්ෂාවන් තියෙනවද? කොච්චර විවේක සුවයෙන් ඉන්නවාද? ලෙඩ නැතුව ඉන්නවද? මේවා ජීවගුණය වේ. මිනිසුන්ගේ ජීවත් වීමට අවශ්‍ය ගුණාත්මක තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමට දියුණු කර ගැනීමට හැකිනම් එයට අප තිරසාර සංවර්ධනය ලෙස පවසයි. තිරසාර සංවර්ධනය මූලික ලක්ෂණ කිහිපයක් ඇත. වර්තමානයේ තිරසාර සංවර්ධනයේ මූලික ලක්ෂණ 1. දීර්ඝකාලීන සංවර්ධනය අරමුණු වල ඵලදායකත්වය 2. පාරිසරික සමතුලිතභාවය රැක ගැනීම 3. මානව ජීව ගුණය සුරැකීම( ප්‍රජාව ප්‍රජාව සදහා උපකාර කර ගැනීම) 4. සංවර්ධනය හා සංරක්ෂණය එකම සංකල්පයක් වීම. 5. ජාත්‍යන්තර මට්ටම් වලින් සිදුවන එකගතා. 6. ජනමාධ්‍ය භාවිතයේ යහපත් නැමියා. දීර්ඝකාලීන සංවර්ධනය අරමුණු වල ඵලදායිකත්වය = රොබට් ඔ්ල්ටස් පැවසූ පරිදි දිගුකාලීනව තෘප්තිමත් කරවීම සහ ජීව ගුණය ආරක්ෂා කරගැනීම කියන එකෙන් ආර්ථික සමාජයීය සංස්කෘතික පාරිසරික සංවර්ධනය ලගාකර ගැනීමට පුළුවන්කම ඕල්කොට් කියයි. එවිට මෙහි සමබර තිරසාර දැක්මක් සකස් කරනවා. ඒක ක්‍රමයෙන් තිරසාරත්වය sustainability කියන තත්ත්වයට සමාජය ගෙනියනවා. තිරසාර ධරණීය කියන අර්ථයෙන් තමයි මෙම පර්යාවලෝකනය ඇතිවෙලා තියෙන්නේ. එනම් දීර්ඝකාලීන අරමුණුවල ඵලදායිකත්වය කෙටිකාලීනව දේවල් ගැනීම නෙමෙයි. දිගුකාලීනව ගැනීම. බිල්ඩින් එකක් ගත්තත් එය කොයිතරම් කාලයක් පරිසරයට ඔරොත්තු දෙනවා ද? කොයි තරම් කාලයක් මෙම ජනෙල් බිත්ති පවතිනවාද? කොයි තරම් කාලයක් මිනිසුන්ට මෙම උපකරණය පාවිච්චි කළ හැකිද? ඒවා කෙටි කාලීන දේවල් නොව දිගු කාලීන දේවල්ය. දිගුකාලීන දේවල් පිළිබඳව තමයි තිරසාර සංවර්ධනය සංවර්ධනයේදී අරමුණු කරයි. පාරිසරික සමතුලිත භාවය රැක ගැනීමයි = පරිසරය කියන එක රැකෙන්න ඕන. අපගේ සමාජ සමතුලිතභාවය ට පරිසරය සමබර විය යුතුය. වනගහනය කියන එක යම්කිසි රටක සමබර තත්ත්වයකින් පැවතිය යුතුය. එවිට පාරිසරික තිරසාරභාවය ඇතිවේ. මානව ජීව ගුණය සුරැකීමයි (ප්‍රජාව ප්‍රජාව සඳහා උපකාර කර ගැනීමයි) = විවේකය විශ්‍රාන්තිය මේවා සතුට මේවායින් සිටිම තමයි මිනිසුන්ට සතුටින් තව ප්‍රජාවකට උදව් කරගෙන ජීවත් වෙන්නේ. එනම් ගුණය මානව ජීව ගුණය සුරක්ෂිත කිරීම තිරසාර සංවර්ධනයේ මූලික අඩියකි. සංවර්ධනයේ හා සංරක්ෂණය එකම සංකල්පයක් වීම = තිරසාර සංවර්ධනයේදී වඩා හොඳින් වර්ධනය කරනවා වගේම ආරක්ෂා කර ගැනීම කියන එක දෙකම මේ තිරසර කියන සංකල්පය තුළ ඇත. එනම් සංවර්ධනය කරන ගමන් ආරක්ෂා කරන එක දෙකම විය යුතුය. ජාත්‍යන්තර මට්ටමින් සිදුවන එකගතා ඇතිවීමයි = මෙම ජාත්‍යන්තර සංවිධාන බිහි වෙන්නෙම නොයෙකුත් සංවර්ධන හා සංරක්ෂණ වැඩපිළිවෙල යටතේය. තෙල් නිශ්පාදනය කරන රටවල් opic යනුවෙන් වෙනම සංවිධානයක් බිහි කරගෙන ඇත. සාර්ක් කලාපීය රටවල් කියලා එම රටවල් වෙනම සංවිධාන හදාගෙන තිබෙනවා. සංවිධාන ජාත්‍යන්තර මට්ටමින් සිදුවන ගොඩබිම් වෙලදාම සීමා කිරීම් ඒවායේ ස්වාභාවික සම්පත් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමෙන් එකගතා ඇති වී ඇත. ජනමාධ්‍ය භාවිතයේ යහපත් නැමියා = ජනමාධ්‍ය මගින් ඕන කරන පණිවිඩ කියන එක මිනිසුන් අතරට ගෙනියන එක තිරිසර සංවර්ධන සංවර්ධනයේ මූලික අරමුණකි. සන්නිවේදනයේදී තිරසර සංවර්ධනය කියන එක පිළිබදව අවධානය යොමු කරන කරන්නේ ජන මාධ්‍යයේ යහපත් නැමියාවන් තිරසර සංවර්ධනයට ඉතාමත් බලපාන නිසාය. social envayarament protect value මේ තුනම එකතු වුණ තැන තමයි sustainabilty කියන එක ඇති වෙන්නේ. ඒක ඇති කරන්න ලෝකයේ ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද ?යන්න මෙයින් පවසයි. තිරසාරත්වය සම්බන්ධ මෙම සමාජ ආර්ථික පාරිසරික තිරසාරත්වය කියන එක අපේක්ෂා කරන කොට එම තිරසාරත්වය අවධානය යොමු කරන ප්‍රධාන කාරණා කිහිපයක් ඇත. තිරසාර සංවර්ධනයේ දී අවධානය යොමු කරන අංග 1. ජාත්‍යන්තර වෙළදාම හා ආයෝජන 2. ආර්ථික ප්‍රතිපත්ති 3. කාලගුණික විපර්යාස සහ බලශක්තිය 4. ස්වභාවික සම්පත් කළමනාකරණය 5. සන්නිවේදන තාක්ෂණය කළමනාකරණය 6. මැනීම් හා තක්සේරු ක්‍රමවේද ජාත්‍යන්තර වෙළදාම අද වනවිට ලෝකයේ අපට අප සැම හැමතිස්සෙම ජාත්‍යන්තරය සම්බන්ධ විය යුතුය. එලෙස නොමැති වුවහොත් අප ආර්ථික වශයෙන් බිඳ වැටේ. එවිට අපට ආපසු මුල සිටම පටන් ගැනීමට සිදුවේ. අපි ඒ වෙළදාම් සදහා අවතීර්ණ විය යුතුය. environmental sustainability social sustainability ආර්ථික ප්‍රතිපත්තියේ නිශ්චිත වශයෙන් තිබුණාම තෙල් මිල ඉහළ යන්නේ නම් හෙට දවස තුළ අද දවසේ සෙට් වල පෝලිම් සිටී. සෙඩ් වල තෙල් නෑ කියයි. මන්ද අඩු මිලට විකිණීමට වඩා හෙට දිනයේ දී වැඩි මිලට විකිණීමෙන් ආදායම වැඩි කර ගැනීමට ය. එලෙස ප්‍රතිපත්තියක් නොමැති වූ විට මිනිසුන්ගේ සමාජයේ තිරසාරත්වය සමාජීය තිරසාරත්වය ඇති නොවේ. කාලගුණික විපර්යාස හා බලශක්තිය කියන එක අද වන විට අපට විශාල ප්‍රශ්නයක් ය. වැස්ස වැස්සේ නැත්නම් බලශක්තිය නිපදවිය නොහැක. වැස්ස හුළඟ ජලය වාතය මේවා සමග බලශක්තිය නිපදවයි. එවිට මෙම බලශක්තිය නිපදවීමට අවශ්‍ය පසුබිම කියන එක සමාජ රටාව කියන එක රැක ගත යුතුය. වර්ෂාපතනය නොමැති වූ විට නියගය ඇති වේ. වතුර නැති වූ විට බලශක්ති නිපදවීම ප්‍රශ්නයක් ය. ජලයෙන් විදුලිය බලශක්තිය නිපදවනම් නියගයක් ඇති වූ විට දරුණුවට බලපායි. එවිට ස්වභාවිකව තිබෙන කාලගුණික විපර්යාස ස්වාභාවික විපර්යාස ස්වභාවිකම සිද්ධ වීමට නම් ඒ සිදුවීමට අවශ්‍ය තිරසාරත්වය අවධානය යොමු කළ යුතුය. තිරසාරත්වය ඇති කිරීමට මානව ක්‍රියාකාරකම් සැකසිය යුත්තේ කෙසේද? යන්න අවධානය යොමු කළ යුතුය. ස්වාභාවික සම්පත් කළමනාකරණය අපට තිබෙන ඔක්කොම සම්පත් ටික ප්‍රයෝජනයට අරගෙන සේ උඩ බලාගෙන ඉන්න තත්වයට පත්වෙන්න හොඳ නෑ. ස්වාභාවික සම්පත් නිසි පරිදි කළමනාකරණය කර ගැනීම එක්තරා දුරකට තිරසාර සංවර්ධනයේදී අත්‍යවශ්‍ය වන කාරණයකි. සන්නිවේදන තාක්ෂණය කළමනාකරණයයි සන්නිවේදන තාක්ෂණය කළමනාකරණය කියන්නේ සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම පාලනය සන්නිවේදන තාක්ෂණය සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙයවලා පාලනය කරන තත්ත්වයට පත් කරගන්නේ. සන්නිවේදන තාක්ෂණය අපිව මෙහෙයවන රටාවක් ඇත. අප සන්නිවේදන තාක්ෂණය මෙහෙයවිය යුතුය. ළමයි තාක්ෂණයේ උපරිම තැනක ඇත. දෙමව්පියෝ වත් මෙම තාක්ෂණය හැසිරවීම ළමයි තරමට නොදනී. මේ නිසා විශාල ප්‍රශ්න ගොඩක් ඉතිරි වී ඇත. අප දැන ගත යුතුයි සන්නිවේදන තාක්ෂණය මනා මෙහෙයවීමකින් සංවිධානාත්මක මෙහෙයවීම පාලනය කිරීමට. තාක්ෂණයේ control එක අපේ මිදුනොත් එන්නේ තාක්ෂණය ට ඕන විදියට අප කටයුතු කිරීමයි. උදාහරණ ලෙස අප විසින් ෆෝන් එක දිහා දවසකට කී පාරක් බලනවද? පෝන් එකක අපගේ ෆොටෝ වැඩිය. ආත්ම රාගය වැඩි වී ඇත. විවිධ ඈන්ගල් වලින් තමන් තමන්ටම රාගයෙන් බැදෙයි. අතීතේ බෝක්කුවක් උඩ ඉදගෙන කතා කරන ඒක චැට් කරමින් කරනු ලබයි. physically නොමැති වුව ද එය ම කරනු ලබයි. technology එකත් එක්ක අපට අවශ්‍ය දේ කුමක්ද? අනවශ්‍ය දේ කුමක්ද? යන්න තෝරා බේරා ගැනීමට ගානක් නැත. අප අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේද කිරීමට යයි. සමාජ ජාලා මාධ්‍යයෙන් එක මිනිසුන්ගේ නොයෙකුත් මානසික ප්‍රවේග මානසික හැගීම් ඇති වෙන තැනක් බවට පත්වෙලා. යමෙක් ගේ profile එකක් අරගෙන බැලූ විට ඇයගේ තිබෙන මානසික තත්වයන් කිවිය හැක. ආදරෙන්ද සිටින්නේ වෛරයෙන් ද සිටින්නේ දැනගත හැක. මැෂින් එක පිටිපස්සේ ඉන්නේ මිනිසාය. මිනිසාගේ තිබෙන ගුණවත්කම මානව ජීව ගුණය කියන එක බලපානවා මැෂින් එක හැසිරවීමට. උදාහරණ ලෙස ගල් රෝලක සිටින මනුස්සයෙක් ඒ පාර සෑදීමට මෙන්ම මිනිසෙක් යට කර දැමීමට ද හැකිය. වඩාත් ගුණාත්මක තත්ත්වයන් යටතේ ග්‍රාහක අවධානය යොමු කරගත හැකි සංදේශ සකස් කර ගන්නේ කෙසේද? යන්න බැලිය යුතුය. උගත් බව හා බුද්ධිමත් බව යනු දෙකකි. ගුණවත් බවට අර බුද්ධියෙන් සිතා හොඳද නරකද යන්න අදහස් එයි. අපගේ ගුණාත්මක භාවය රැක ගැනීමට අවශ්‍ය සැලසුම් සංවිධානය වීම් මෙහෙයවීම් අප අතේ නැත්නම් අප නිදා ගැනීමට යනවිට ද ෆෝන් එක ඔබමින් කරමින් සිට නිදා ගන්නේ නම් එනම් අප අපව පාලනය කිරීමට එම උපකරණයට භාරදී ඉවරයි. මිනිසුන් තමන් වඩාත් ම ආදරය කරන මානවයා දිහා බලනවට වඩා වැඩි ප්‍රමාණයක් ෆෝන් එක දිහා බලයි. භෞතිකයේ දිහා බලයි. විමල් දිසානායක පවසන්නේ සන්නිවේදනය ගැන පමණක් දන්න කෙනා සන්නිවේදනය වත් නොදනී යනුවෙනි. සෑම දේම දන්නා වුවද සන්නිවේදනයත් සමග බැදුණු අනිකුත් සමාජයේ මිනිස් ජීව ගුණය වර්ධනය කිරීමට බලපාන සාධක පිළිබඳ ව කිසි දෙයක් නොදනී. නමුත් සන්නිවේදනය දනී. මෙහි තිබෙන ගුණාත්මක බව මේ මිනිස්සුන්ට කියන්නේ ඇයි මම පවසන්නේ මිනිස්සුන්ට කියන්න ඕන දෙයක් ද? මේ අපේ හොඳ භාවිතයත් ද? වෛරය ප්‍රකාශන කියලා මොනාද බලාපොරොත්තු වෙන්නේ අනිකාව රිදවන්නද? මිනිස්සු හැම දෙම ෆේස්බුක් එක තුළ තමයි එමඟින්ද පෙනී යන්නේ සන්නිවේදන තාක්ෂණය කළමනාකරණය කරමින් ඉන් නොහැකි තාවයයි. තිරසාරත්වය තුළ කියන මානව ජීව ගුණය උගත්කමින් පමණක් ඇති කළ නොහැක. මානව ජීව ගුණයෙන් පිරුණු සමාජයක් බිහිකරන්න සන්නිවේදන තාක්ෂණය කොහොමද කළමනාකරණය කරගන්නේ. අපි මතම තමයි depend වෙන්නේ .ආචාරධර්ම දමා එයට වැට බැඳීමට අපට නොහැකිය. පාලකයෙක් ට සන්නිවේදන තාක්ෂණය කළමනා කරගන්න විදිහයි ආයතනයෙ ලොක්කෙක් සහ පුරවැසියෙක් සන්නිවේදන තාක්ෂණය කළමනාකර ගන්න විදියයි වෙනස් විය. පුරවැසියො ලෙස අප හැමෝම අපගේ මේ කළමනාකරණය පිළිබඳව ජීවගුණය රැකෙන විදියට කටයුතු කිරීමට අපට හැකියාව තිබිය යුතුය. මැනීම් සහ තක්සේරු ක්‍රමවේද පළමුවෙනි ලෝකයේ දෙවන ලෝකයේ කියා මනින විදිය හරිද? ලෝකයේ වැඩියෙන්ම සතුටින් ඉන්න රටවල් දළ ජාතික නිෂ්පාදනය වැඩිම රටවල් මෙන් මනින මිනුම් ක්‍රම නිවැරදි ද? ඒවායේ තිබෙනවාද ?තිරසාර පැවැත්මක් නැති බැරි රටවල් හැමදාම දුප්පත්කමේ ගිල්වා තබන මැනීම් ද තියෙන්නේ. ඒවා පිළිබඳව තිරසාර සංවර්ධනයේදී අවධානය යොමු කරයි. එක්සත්ජාතීන්ගේ වැඩසටහන මගින් තිරසාර සංවර්ධනයේ දී අවධානය යොමු කරන ක්ෂේත්‍ර දක්වා ඇත. එක්සත්ජාතීන්ගේ වැඩසටහන මගින් අවධානය යොමු කරන ක්ෂේත්‍ර • කෘෂිකර්මාන්තය, පරිසරය, සොබාදහම, ජෛව විවිධත්වය, ජෛව තාක්ෂණය, කුසලතා සංවර්ධනය • කාලගුණික විපර්යාස, පරිභෝජනය හා නිෂ්පාදනයේ නව ස්වරූප, ප්‍රජා විද්‍යාව, බලශක්තිය, ආපදාකළමනාකරණ, පරිසර විද්‍යාව, ජලය..... යනාදිය. පරිභෝජනයට ගත හැකි ජලය ඇත්තේ සීමිත මිනිසුන් ප්‍රමාණයකට ය. යම් පළාත්වල කිවුල වැඩියෙන් ජලය ඇත. මෙහිදී ඒවා වතුර උණු කරන පෝච්චිවල ඒ වගේ මිනිස්සුන්ගේ බාත්රූම් වල බැඳී ඇත. මේවා පිළිබඳව ද තිරසාරත්වය දී අවධානය යොමු කළ යුතුය. 2005 එක්සත් ජාතීන්ගේ ලෝක සම්මේලනයේදී දැක්වූ තිරසාර සංවර්ධනයේ ප්‍රධාන පාර්ශව 1. ආර්ථික තිරසාරත්වය 2. සමාජයීය දේශපාලන තිරසාරත්වය 3. පාරිසරික තිරසාරත්වය 4. සංස්කෘතික විවිධතාව හා තිරසාරත්වය අපට සංස්කෘතික වශයෙන් විවිධ ඇදහිලි විශ්වාස තිබිය හැක. තව කෙනෙක්ගේ වෙනත් ආගමක් ඇදහීම අපට දරාගත හැකිද? තව කෙනෙක්ගෙ වෙනත් ඇඳුමක් පැළඳුමක් අපට දරාගත හැකිද? පාස්කු ප්‍රහාරයෙන් පසුව අපට සමහර දේවල් දරාගත නොහැකි විය. සමහර ඇඳුම් පැළදුම් දරාගත නොහැකි විය. සංස්කෘතික විවිධ තා ඇතිවිය. දරාගත නොහැකි විය. ගැටුම් වලට යාමට ඉඩ තිබුණි. මේවා පිළිබඳව අවධානය යොමු කළ යුතුය. තිරසාරත්වය නොමැතිවීම සිදුවන හානි 1. භූමිය නිසි පරිදි කළමනාකරණ නොහැකි වීම, අනවසර ඉදිකිරීම්. 2. කර්මාන්තශාලාවල විෂවායු. 3. කසල ප්‍රමාණ වැඩි වීම. 4. නව ධනපති කර්මාන්තශාලා බිහිවීම 5. ග්ලැසියර් දියවීම, මුහුදු ජල මට්ටම වැඩිවීම. ඕසෝන් ස්තරයට හානි වීමෙන් වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීම. කර්මාන්තශාලාවල විෂ වන නිසා මෙවැනි තත්ත්ව ඇති වේ. තද අව් රශ්මිය ඇති වෙයි. ඒ විට චර්ම රෝග, ජෛව විවිධත්වයට ද බලපායි. කාලගුණයට බලපායි. නොහිතන කාල වලට වහී. නියගය ඇති වෙයි. මෙවැනි තත්ව ඇතිවීම නව ධනපති කර්මාන්තශාලා ඇති වේ. මෙම කොමිස් මෙම කොවිඩ් වසංගතය ඇතුලේ නව ධනපති කණ්ඩායම් ඇති විය. mask ගෙනෙන pcr පරීක්ෂණ කරන පිරිස් බිහි විය. මේවායින් උපයපු මිනිසුන් ඇත. වසංගතය තුළ ධනපතියන් බවට පත්වූ අය ඇත. කසළ ප්‍රමාණය වැඩිවීම ද සමස්තයට ම හානි වන තත්ත්වයක් ඇතිවිය. ජීවීන්ටද හානි වන දෙයකි. කසල කාලයක් තිබුණා. අපගේ මිනිසුන් කසල වලට යටවී මැරෙන. ග්ලැසියර් දියවීම මුහුදු ජල මට්ටම වැඩිවීම. මේවා ප්‍රශ්නය. තිරසාරත්වය නැති නිසා අපි මේ ප්‍රශ්න හැමටම මුහුණ දෙයි. එය තුළ තිරසාරත්වය කියන එක සොයා ගෙන යෑමට අපට සිදු වී ඇත. ස්වාභාවික සම්පත් අවම භාවිතයේ, නැවත භාවිතය, ප්රතිචක්රීකරණය, අවම භාවිතයට යෑමට සිදුව ඇත. පොලිතීන් ප්ලාස්ටික් වෙන දේවල් අවම වශයෙන් භාවිත කළ යුතු බව පවසයි. නැවත භාවිතය කිරීමට හැකි දේවල් භාවිත ක භාවිත කරන්නේ යැයි කියයි. භාවිත කර ඉවත ලන කඩදාසි වැනි දේවල් අපි ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනි. කියන එක කියයි. තිරසාරත්වය නොමැතිව සිදු වන හානි වලින් වලක්වගන්න අවශ්‍ය වී ඇත. නූතන සංවර්ධනය කතිකාවතේ කතා කරන ප්‍රධාන කාරණා තුනකි. සංක්ෂිප්තය ගෝලීයකරණය තිරසාර සංවර්ධනය සහ නූතන කතිකාවතේ තිබෙන දේවල් ඒ යටතේ තිරසාර සංවර්ධනය පිළිබඳව සාකච්ඡාව මෙහි ඇත. 1950 දශකයේ බටහිර රටවල් වල ක්‍රියාත්මක වුණු කාර්මික සංවර්ධනය රට රටවල් වල ප්‍රචලිත වන විට සීග්‍රයෙන් ස්වාභාවික සම්පත් විනාශයට පත්වුණා. මේ නිසා සංස්කෘතික අනන්‍යතාවයට සෞඛ්‍යයට ගැටලුව ආවා. එම ගැටළු සමාජ ආර්ථික දේශපාලනික ගැටළු දක්වා වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් විදියට 1972 දී එක් එක්සත් ජාතීන්ගේ දැනට බ්‍රන්ඩ්ලන්ඩ් කොමිසම පරිසරයේ වර්තමාන අවශ්‍යතා ඉටු කර ගත යුතු අනාගත ප්‍රයෝජනයට ගත හැකි පරිදි ස්වාභාවික සම්පත් මනාව කළමනාකරණය කිරීම කරමින් එම ස්වාභාවික සම්පත් පරිහරණය කිරීම පිළිබඳව අදහසක් ඉදිරිපත් කළේය. එහි ප්‍රතිඵලයක් ආර්ථික සමාජීය දේශපාලනික සමාජ සංස්කෘතික පාරිසරික වර්ධනය ළඟා කරගත හැකි බව ඔවුන් කීවා. මෙන්න මේ සංවර්ධන දැක්මක් සහිතව සමාජ පාරිසරික ආර්ථික සම්බන්ධතාව රැකගැනීමට කරන සංවර්ධනය තිරසර සංවර්ධනය හෙවත් sustainble development ලෙස හදුන්වයි. මෙහිදී තිරසාරත්වය කියලා තමයි කීවේ. මේ ධරණීය සංවර්ධනය කියලත් හදුන්වනවා. දරාගත හැකි සංවර්ධනය කියලා සංවර්ධන දක්වා මූලික ලක්ෂණ කීපයක් තියෙනවා .දීර්ඝකාලීන අරමුණ පාරිසරික තත්වයක් මානව ජීව ගුණය සුරැකීම සංරක්ෂණය එකගතා ජනමාධ්‍ය භාවිතය මේ නිසා තමයි සංවර්ධනය සන්නිවේදනයේදී තිරසාර සංවර්ධනය අපට වැදගත් වන්නේ. තිරසර සංවර්ධනයේ දී අවධානය යොමු කරනවා ජාත්‍යන්තර වෙළදාම, ආර්ථිකය, කාලගුණික විපර්යාස, ස්වාභාවික සම්පත් කළමණාකරණය, සන්නිවේදන තාක්ෂණ කළමණාකරණය, මැනීම් හා තක්සේරු ක්‍රමවේද එක්සත් ජාතීන්ගේ මෙම වැඩසටහන මගින් තිරසාර සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කරනවා. එහිදී ප්‍රධාන අංග විදියට ආර්ථික, සමාජයීය, පාරිසරික තිරසාරත්වය ට අමතරව සංස්කෘතික විවිධතාව තිරසාරත්වය අද බලාපොරොත්තු වෙනවා. නූතනයේ අප තිරසාරත්වය නොමැති වීම නිසා අපට ප්‍රශ්න ගොඩකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. පාරිසරික සමාජයීය ගැටලු තියෙනවා. ස්වභාවික සම්පත් අවම භාවිත කරලා නැවත නැවත පරිභෝජනය කරලා ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන මූලික මත තිරසාරත්වය ගොඩනඟාගැනීමට අපට එවිට හැකියාව ඇති වේ.

No comments:

Post a Comment

<b>තිරසාර සංවර්ධනය</b>

තිරසාර සංවර්ධනය පිළිබඳව කරුණු කිහිපයක් මුල්කොට ගෙන අධ්‍යනය කිරීමට හැකිය. සංවර්ධන කතිකාවතේ අපට හම්බෙන ප්‍රධාන දෙයක් තමයි මේ තිරසාර සං...